Friday, July 3, 2015

සිංහරාජ වනයේ ශාක පද්ධතිය

















නිවර්තන වර්ෂා වනාන්තරයක් සහ නිවර්තන තෙත් සදාහරිතලෙස වර්ග කර ඇති සිංහරාජ වනාන්තරයෙ වසර පුරාම හරිත වර්ණයෙන් යුත් ස්තර 5කින් සමන්විත ශාක පද්ධතියක් දක්නට හැකිය. විශේෂයෙන් සිංහරාජ වනාන්තරය තුළ පවතින ශාක පද්ධතියේ අපේ රටේ දැකිය හැකි ශාක වර්ගවල වල් දර්ශක (උදා:වල් කුරුදු, වල් ගම්මිරිස්,)දැකගත හැකිවීම විශේෂත්වයකි. ප‍්‍රධාන ස්ථරයන්ට අමතරව ආරෝක ශාක, අපි ශාක සහ පිළිල ද බහුලව සිංහරාජය තුළ වැඬේ. වඳවී ගොස් ඇතැයි සැලකෙන .. වැනි මීවන ශාක ද සිංහරාජයෙන් සොයාගෙන ඇත. සිංහරාජයට පමණක් ආවේණික ශාක ගණ 13ක් ඇත. මේ අතරින් ආවරණිත ශාක ප‍්‍රජාවන්ගෙන් සියයට 75ක්ම ලංකාවට පමණක් ආවේණික ශාක ප‍්‍රජාවන්ගෙන් යුක්ත වන බව පරිසර විද්‍යාඥයන් සොයාගෙන ඇත. පොදුවේ සිංහරාජයේ ශාක පද්ධතිය තුළ සදාහරිත ශාක පිහිටීම,උසින් වැඩි ශාක දක්නට ලැබීම,පෙළොවට සූර්යාලෝකය අඩුවෙන් ලැබීම,යටි රෝපණ,ඉහළට යන වැල්වර්ග බහුල ශාක මතුපිට දිරායන ශාක කොටස් බහුලවීම, අතු නොබෙදුණ කඳන් සහිත ශාක ආදියත් සිංහරාජ වන පද්ධතිය තුළින් දැකිය හැකි වීම තවත් විශේෂ ලක්ෂණයකි.

නෙරු ස්තරය

මෙය මීටර් 45ට වැඩි උසකින් යුත් ශාක පද්ධතියකින් සමන්විතය. තැනින් තැන දැකිය හැකි මෙම ශාක පද්ධති වලට සූර්යාලෝකය හොඳින් ලැබේ. හොර, බූ හොර, දෙරණ,දුන් වැනි විශේෂ ශාක මෙම ස්තරයේ තුළ දැකිය හැක.

වියන් ස්තරය

මීටර් 30×45 දක්වා උසින් යුක්ත ශාක පද්ධතිය මෙම ස්ථරයට අයත්ය. දුරස්ව වැඩෙන මෙම ශාකවලටද සුර්යාලෝකය හොඳින් ලැබේ. හොඳින් වැඩෙන ශාක පද්ධතියක් වු මෙහි තුරු වියන් ඉතා ආසන්නයෙන් පිහිටා ඇත. මේ නිසා වායන් ස්ථරය තුළ වැඩෙන ශාක තරමක් විශාල වූ හොඳින් වැඩුණ ශාක පද්ධතියකි. බටු නා,නා ඇටඹ,බෙරලිය,වැලපියෙන්න,යකහලූ, අරිද්ද,ලියන්, කුරුම්බැට්ටිය, තිනියදුන්, බුහොර, වල්දෙල්, කටුබොද, බටු කීන වැනි ශාක මෙම ස්තරයේ වැඬේ.

උප වියන් ස්තරය

සූර්යාලෝකය පොළොවට වැඞීම අඩුකරවන ශාක පද්ධතියක් මෙයට ඇත. උසින් මීටර් 15×30 අතර ප‍්‍රමාණයෙන් යුත් ශාක පද්ධතියකින් සමන්විත මෙම උප වියන් ස්තරය හැඩවක, මලබොඩ, කිතුල්, දවට, පණුකෑර, කටුමොද, වලූකීන, වල්මෝර, තිත්තවෙරලූ, පත්බේරිය, දියනා ආදී ශාකවලින් සමන්විතය.

යටි වියන් ස්තරය

මීටර් 5×15 අතර ශාක පද්ධතියකින් මෙම යටි වියන් ස්තරය ආවරණය වේ. මඩොල්, කුඩුම්බේරිය, බට, බෝකෑර, වල්බෝඹු, වනහලූ, වල්කෝපි, අතු කැටිය, ගල්කන්ද, වැනි ශාක ප‍්‍රජාවකින් යුක්තය.

යටි වගාව

පඳුරු හා මිවන ශාක ප‍්‍රජාවකින් සමන්විත යටි වගා ස්තරය හෙවත් බිම් ස්තරය තුළ ශාක වැඩෙන්නේ මිටර් 5 වඩා ශාකයන්ය. මෙම ශාක ප‍්‍රජාවට සුර්යාලෝකය අඩුවෙන්ම ලැබේ. වල්බෝඹු, වනඉදල, පින්න, පිනිබරු, පේර තඹල, තාපස බුලත්, වල්කඳුරු ආදී ශාක ආදියත් දැකිය හැකිය.





No comments:

Post a Comment