Friday, July 3, 2015

සත්ව ප‍්‍රජාව


ලෝක උරුම සංරක්ෂිත වන උයනක් වන සිංහරාජය තුළ විශාල සත්ත්ව ප‍්‍රජාවක් දක්නට හැකිය. සමනල විශේෂ 65ක් පමණ මෙහි දක්නට හැකිය. ශී‍්‍ර ලංකාව තුළ දැකිය හැකි විශාලම සමනලයා වන (la‍ommon Birdwing) හා වෙනත් සුලබ සමනල විශේෂද ලංකාවට පමණක් ආවේණික සමනල විශේෂ රැුසක්ද සිංහරාජයේ සිටි. මේ අතරම ලංකාවට පමණක් ආවේණික වූ විශේෂ සත්ත්ව විශේෂ 10ක් ද, වන අතර මෙහි මෙතෙක් සොයාගෙන ඇති ආවේණික සත්ත්ව විශේෂද ඇතුළත්ව සම්පුර්ණ උභයජීවී විශේෂ 27ක් ද සොයාගෙන ඇත. මෙහි ඇති උරග විශේෂ සංඛ්‍යාව 43කි. ආවේණික පක්ෂි විශේෂ 26න් 25ක්ම මෙම වනාන්තරය තුළ සිටින බව හඳුනාගෙන ඇති අතර වනාන්තරය තුළින් හදුනාගෙන ඇති පක්ෂි විශේෂ සංඛ්‍යාව 158 කි. විශාල සත්ත්ව ප‍්‍රජාවකින් සමන්විත සිංහරාජය තුළ ක්ෂීරපායින් සත්ත්ව ප‍්‍රජාවක්ද දක්නට හැකිය.මෙහි ක්ෂිරපායි 40ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් ලංකාවට ආවේණික ක්ෂීරපායි සත්ත්ව විශේෂ 07 ක් හඳුනාගෙන ඇත.

වනාන්තරය තුළ දක්නට ඇති මත්ස්‍යයන්


තල්කොස්සා, දම්කොළ සාලයා, මඟුරා, ලේ තිත්තයා, හිත මත්සයා, බුලත් හපයා, ගල් පාඩියා, වයිරං අභිරාවා, කොළ කනයා

ආවේණික උභය ජීවී විශේෂ


නොලර්ටිගේ ගෙබ්බා, කොටගමී කුරුගෙම්බා, කරුණාරත්නගේ මුව පටු මඩියා, කුඩා කන් ඇටිකිත්තා, කෙලාටිගේ කුරු ගෙම්බා, කහ වයිරම් පණු ගෙම්බා, වක රැුළි මැඩියා


ආවේණික පක්ෂි විශේෂ


වළි කුකුළා හබන් කුකුළා, කැහිබෙල්ලා අළු කෑඳැත්තා, වතරතු මල්කොහා, මයිලගොයා, කඳුකර වී කරුල්ලා, වතසුදු ශාරිකාවා, පිට තඹල වන බස්සා, ලංකා රුවිරැසියා, බට ඇටි කුකුළා, තිත්පිය තිරාසිකයා, ලංකා සිතැසියා, හිස රතු කොට්ටෝරුවා, රන්නලල් කොට්ටෝරුවා, හිස කළු කොණ්ඩයා, පීත කන් කොණ්ඩයා, අඳුරු නිල් මැසිමාරා, අළු ගිරවා, ගිරා මලිත්තා, ලංකා පිළිලිච්චා, මුදුන් බොරග දෙමලිච්චා, රතු දෙමලිච්චා, අළු දෙමලිච්චා, ලංකා සැළලිහිණීයා











1 comment: