සිංහරාජ වනය නිරන්තර වැසි වනාන්තරයක් වී ඇති අතර මෙයට නිරිතදිග හා ඊසානදිග යන මෝසම් දෙකින්ම වැසි ලැබෙයි. එහෙත් වනාන්තරයට වැඩිම වර්ෂාපතනයක් ලැබෙනුයේ නිරිතදිග (මැයි-සැප්තැම්බර්) මෝසම් සුළඟිනි. එහි සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 3000-6000 පමණවේ. අඩුම වර්ෂාපතනය මිලි මීටර් 50ක් පමණ වේ.
සිංහරාජ නැරඹිම සඳහා මහජනයාට විවෘත ප්‍රදේශයට ඇතුළුවීමට මාර්ග සතරක් ඇත. එනම් කලවානxවැද්දාගල මාර්ගය, රක්වානxමෝනින් සයිඞ් මාර්ගය, හිනිදුමxනෙලූව මාර්ගය සහ දෙනියායxපල්ලෙගම මාර්ග ඔස්සේ පැමිණිය හැක. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වන්නෙකු නොමැතිව මෙම පෙදෙස්වලට ඇතුළුවීමට අවසර දෙනු නොලැබේ.
මුහුදු මට්ටමේ සිට මීටර් 300 x 1170 (අඩි 1000 x 4000) ක් උස සිංහරාජය, සබරගමුව සහ දකුණු පළාත්වලට අයත්ව රක්වාන කඳුපන්තියේ බෑවුම් සහ නිම්න ඔස්සේ පැතිර ඇත. මෙහි මීටර් 600 ට වැඩි කඳු හතක් දැකිය හැකිය.ඒවා නම් හිනිපිටිගල(මීටර් 1168), තිබ්බොට ගල(මීටර් 904), කොස්ගුලන(මීටර් 797),දෝතලූගල (මීටර් 769),මුලාවැල්ල (මීටර්742) හා සිංහගල(මීටර් 742),පතිනිගල (මීටර් 605) යන කඳුමුදුන්ය. මෙහි උසම ස්ථානය හිනිපිටිගල (බටහිර) කඳුමුදුනයි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1170 උසය. අවම උස මීටර් 90කි.
No comments:
Post a Comment